රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව දුරකතන වාර්තා දීර්ඝ විමර්ශනයක් කරන බව CIDය අධිකරණයට කියයි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් දීර්ඝ විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ එම නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු අධිකරණය හමුවේදී කරුණු දක්වනු ලැබීය.
රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාපති ධූරයෙන් ඉවත් වූ පසුව ද නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී නිවස්නයේ 709 කාමරය තවදුරටත් භාවිත කරන බවට විමර්ශනවලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වනු ලැබිය.
කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී ඇති අතර එයට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙකුට රැකවරණ ලබා දීම හා සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙනි.