රාජ්ය නිලධාරීන්ට තර්ජනය කළ සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න
රජයේ නිලධාරීන්ට තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධව අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු 20 වැනිදා තෙක් රිමාන්ඩ් ගත කිරීමට ගල්කිස්ස ප්රධාන මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු (13 වැනිදා) නියම කළේය.
මෙසේ රිමාන්ඩ් ගත කෙරුණේ පානදුර විහාර මාවත පදිංචි මොහොමඩ් රාවුෆ මොහොමඩ් සරාෆි හා මොහොමඩ් අයිබෘෘස් නූර් අසාල් නැමැති දෙදෙනාය.
ගල්කිස්ස දිසා අධිකරණයේ ඉඩම් නඩුවක මුක්තිය භාර දීමට අධිකරණ රොජිස්ටාර් සහ නිලධාරීන් පිරිසක් පොලීසිය සම`ග සැකකරගේ නිවසට ගිය අවස්ථාවේ දී තර්ජනය කර පහරදීමට තැත් කරමින් රාජකාරියට බාධා කිරීමේ මෙම සිද්ධිය සිදුවී ඇත. දෙහිවල පොලීසියේ පොලිස් පරීකෂක හරිස්චන්ද්ර පැමිණිල්ල ඉදිරිපත් කර සිටියේය.
දර්ශාන් කනිල්
