News

රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේදී මෙම කදුළු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ හේතුවෙන් සෙරමික් හන්දිය සහ එන්. එස්. ඒ. වටරවුම ප්‍රදේශය වසා දමා ඇතැයි පොලීසිය පවසනවා.

විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට පා ගමනකින් ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය විසින් එය වලක්වා තිබෙනවා.

එම මාර්ග භාවිත කරන රියැදුරන්ට පොලීසිය දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.