රිෂාඩ්ගේ පිරුවට ගැලවෙන ලකුණු
පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේදී ඔහු විසින් සිදු කළ දූෂණ හා අක්රමිකතා රැසක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවෙමින් පවතින බව වාර්තා වේ.
හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර හා බස්නාහිර හිටපු ආණ්ඩුකාරවරුන් වන ඒ.එච්.එම්. හිස්බුල්ලා හා අසාද්සාලිට එරෙහිව පැමිණිලි විසි හතක් පොලිස් මූලස්ථානයට ලැබී ඇත.
ඒ.එච්.එම්. හිස්බුල්ලා, අසාල් සාලි යන අයට එරෙහිව එල්ල වූ විරෝධය අනුව ඔවුන්ට එරෙහිව ඇති චෝදනා පොලිස් මූලස්ථානයට භාර දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියේය. ලැබුණු පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර වහා විමර්ශන ආරම්භ කර ඇත.
එසේ රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පැමිණිලි දොළහක් (12) ක් ලැබී ඇති අතර ඉන් වැඩිම පැමිණිලි ප්රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ සුරකිමු ශ්රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද හිමියන් හා නීතිඥ අනුරාධ සෙනරත් යන අයයි. ඔවුන් පැමිණිලි තුන බැගින් ඉදිරිපත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මුදල් ගනුදෙනුවලදී අක්රමිකතා සිදුව ඇති බවයි.
සුගන්ධි බස්නායක
