රිෂාඩ්ට තනියෙන් එන්නැයි සජිත් කියලා
මහ මැතිවරණයේදී සන්ධානගත නොවී තනිව තරග කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුද්දීන්ට දැනුම් දී ඇත.
මහා සංඝරත්නයේ ඉල්ලීම මත විපක්ෂ නායකවරයා මෙම දැනුම්දීම සිදුකර තිබෙන බව පැවසේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුද්දීන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂය මෙවර මහ මැතිවරණයේදී තනිව තරග කිරීමට තීරණය කර ඇත.
උතුරු – නැගෙනහිර දිස්ත්‍රික්කවලට සහ කළුතර, කෑගල්ල, කොළඹ, මහනුවර, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුද්දීන් තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
උදයජීව ඒකනායක
