News

රු. 401,500ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් 401,500ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බියගම පේරගස් හංදිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ සවස 3 ට පමණ වැටලීම සිදුකිරීමකින් වන අතර සැකකරු සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 38 ක්, රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 300 ක් සහ රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 165 ක් සොයා ගැනුනා. මෙම පුද්ගලයා මල්වාන ප්‍රදීපගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වැඩිදුර විමර්ශණ සිදුකර ගෙන යනු ලබයි.