රු. කෝටි 04කට ආසන්න රත්‍රං තොගයක් සමඟ 09ක් අත්අඩංගුවට
රුපියල් කෝටි 04කට ආසන්න රත්‍රං තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයින් 09 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම රත්‍රං කැබලි ඔවුන්ගේ මුඛය තුළ ඇදුම් තුළ සහ භාණ්ඩ රැගෙන යන ගුවන්තොටුපල ට්‍රොලි රථවල යට කොටසේ සඟවා තිබියදී සොයාගෙන ඇති අතර එහිදී ඔවුන් සතුව තිබී රත්‍රං කැබලි 59ක් සොයා ගෙන ඇත.
එහි වටිනාකම රුපියල් තුන් කෝටි අනූ දෙලක්ෂයක් පමණ වන බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ලාංකිකයින් තිදෙනෙකු වන අතර අනෙක් 06 දෙනා ඉන්දීය ජාතිකයින් බව වාර්තා වන අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනා වව්නියාව, මහනුවර සහ කඩුගන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.