News

රු. කෝටි 3ක් වටිනා රන් බිස්කට් 40ක් සමග පුද්ගලයෙකු ගුවන් තොටේදි අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 300 ක් වටිනා කැරට් විසි හතරේ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.

මොහු කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ජාවාරම්කරුවෙකු බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ.

සැකකරු අලුයම 1.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විකලාංග රෝගීන් ප්‍රතිකාර සඳහා පළදින සායනික ඉනපටියක් පැළද ගෙන , ඒ තුළ මෙම කිලෝ ග්‍රෑම් 04 ක් බර , කැරට් විසි හතරේ රන් බිස්කට් 40 ක් සඟවා ගෙන සිටිය බැව් වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.