රු. කෝටි 6කට අධික වටිනා හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙක් කඩුවෙලදී අත්අඩංගුවට
රුපියල් කෝටි 6කට අධික වටිනා හෙරොයින් තොගයක් සමග කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (16) රාත්‍රි සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ 5යි ග්‍රෑම් 24ක් ජාවාරම් කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටියදී ත්‍රිරෝද රථයක්ද සමග පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්වල වටිනාකම රුපියල් හයකෝටි දෙලක්ෂ අසූ අටදහසක් (රුපියල් 60,288,000) වනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කළේ.
ඔහු අද (17) අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.