News

රු. මිලියන 25ක් වටිනා කේරළ ගංජා සමග තිදෙනෙක් අත්අඩංගුවට

කන්කසන්තුරය කීරමලය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 80කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සදහන් කළේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී අද (12) උදෑසන 6.30ට පමණ මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

මෙම කේරළ ගංජාවල වටිනාකම රුපියල් මිලියන 25කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.