රු. මිලියන 2778ක් වටිනා හෙරොයින් ප්‍රවාහනය කළ ටෝලර් යාත්‍රාවේ හිමිකරුත් අත්අඩංගුවට
බේරුවල ප්‍රදේශයේදී ඊයේ (06) දින හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54ක් ප්‍රවාහනය සදහා යොදාගත් ටෝලර් යාත්‍රාවේ හිමිකරු රුපියල් ලක්ෂ 15ක් සමග අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුෙවේ ලද තොරතුරක් මත අද පෙරවරු 11.50ට පමණ යටියන්තොට පහළ ගරාගොඩ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
වයස අවුරුදු 44ක් වන මෙම සැකකරු බේරුවල මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
සැකකරුව අත්අඩංගුවට ගැනීමට යාමේදී කැලණි ගඟට පැන ඇති අතර, යටියන්තොට පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු භාරයේ තිබී සොයාගත් ලක්ෂ 15 මුදල යටියන්තොට ප්‍රදේශයේ බැංකුවක ඔහුගේ ගිණුමකින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඊයේ දිනයේ හෙරොයින් කිලෝ 231ක් සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මොහුගේ සහෝදරයෙකු බවට ද පොලීසිය අනාවරණය කර ගෙන තිබෙනවා.
පොලීසිය විසින් සොයාගත් මෙම හෙරොයින් වල වටිනාකම රුපියල් මිලියන 2778ක් වනවා.