රු. ලක්ෂ 8ක් වටින “අයිස්” සමග සැකකරුවෙකු යාපනයේදී අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බෙදහැරීම සඳහා ප්‍රවාහනය කිරීමට සුදානමින් සිටි සැකකරුවෙකු යාපනය මාදගල් ප්‍රදේශයේදී ඊයේ(27) සවස අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ලද තොරතුරක් සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්රැම් 85 ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය.
පොලිසිය පැවසුවේ සැකකරු යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය