රුවන්ට නියෝජ්‍ය මහ ලේකම් තනතුර
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (24)දින ඒකමතිකව තීරණය කර ඇත.
වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පක්ෂයේ අභ්‍යන්තර කටයුතු ලේකම් ලෙස පත් කර තඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තිබේ.