ජනප්රිය ගායක රූකාන්ත ගුණතිලකට පහරදීමක්
පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියකින් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ මෝටර් රථයට පහර දි ඇති බව මත්තේගම පොලීසිය සඳහන් කරයි.
පහර කෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාට හෝ ඔහුගේ මෝටර් රථයට බරපතළ හානි සිදු වි නොමැති බව පොලිසිය කියයි.