News

රූපවාහිනියේ දූෂණවලට හඬ නගන්නන් මර්දනයට පියවර – අනුර කියයි

ජාතික රූපවාහිනියේ පරිපාලන නිලධාරීන් සිදු කරනු ලබන දූෂණ හා අක්‍රමිකතාවලට එරෙහිව හඬ නගන සේවකයින් මර්දනය කිරීම ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

2005ට පෙර මෙරට අංක 01 රූපවාහිනී නාළිකාව ලෙස පත්ව තිබූ ජාතික රූපවාහිනිය අද වනවිට අටවන ස්ථානයට පහත වැටී ඇති අතර මාසික වැටුප් ගෙවා ගැනීමට නොහැකිව බැංකුවලට රුපියල් මිලියන 400ක් ණය වීමට ද සිදුව ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හඬ නැගූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු තිදෙනකුගේ සේවය අත් හිටුවා ඇති අතර තවත් හය දෙනකුගේ වැඩ තහනම් නොකිරීමට නිදහසට කරුණු විමසා තිබේ. තවත් 21 දෙනකු ස්ථාන මාරුවීම් සිදු කර ඇත.