News

ඩ්‍රෝන යානා ඇතුළු නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

මේ යටතේ දැනට නිකුත් කර ඇති සියලු අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු වන බව නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළ අතර නැවත දැනුම් දෙන තුරු ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීමෙන් වළකින්නැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.