News

රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිත කාන්තාව පොලිස් අත්අඩංගුවට

කොරෝනා ආසාදිත බවට සැකසහිත වූ කන්තලේ රෝහලේ සිට පැන ගිය කාන්තාව පොලීසිය විසින් කන්තලේ වැව්බැම්ම මතදී අද (06) අත්අඩංගුවට ගෙන නැවතත් රෝහල වෙත භාරදී තිබේ.

මෙලෙස පැනගොස් නැවත රැගෙන විත් ඇත්තේ 26 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචි කාරියකි‍.

හේතුවක් නොමැතිව කන්තලේ ප්‍රදේශයට පැමිණ තිබෙන මැය ගැවසුනු තැන් සහ ඇසුරු කළ පුද්ගලයන් පිළිබදව රෝහල් පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංග වීරසිංහ විමර්ශන සිදුකරනු ලබයි.