News

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක තොන්ඩමන්ගේ සහාය ගෝඨාභයට

ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැක්වීමට තීරණය කර ඇත.

අද (13 ) පෙරවරුවේ කොටගල ලංකා කම්කරු පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා මේ බව සදහන් කළේය.

ඒ අනුව සිය පක්ෂයේ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා පවසා තිබේ.