ලංකා කම්කරු කොන්ග්‍රසය හා කාදිනල් හිමිපාණන් අතර හමුවක්
ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ජෙෂ්ඨ නායකයින් පිරිසක් අති උතුම් කාදිනල් මැලිකම් රංජිත් හිමිපාණන් හමු වි සාකච්ඡාවක් පැවැත් වු බව ලංකා කම්කරු කොන්ග්‍රසය පැවසිය.
අති උතුම් කාදිනල් මැලිකම් රංජිත් හිමිපාණන්ගේ කොළඹ පිහිටි නිල නිවසේදි ඊයේ (21) පස්වරුවේ හමු වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරය පිලිබදව වතුකරයේ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කර ඇත.
රටේ සාමය ඇති කිරිමට අති උතුම් කාදිනල් මැලිකම් රංජිත් හිමිපාණන් ගෙන යන සාම වැඩපිලිවෙලට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ආරුමුගන් තොණ්ඩමන් මන්ත්‍රිවරයා අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත පවසා ඇත.
මෙම අවස්තාවට ඌව පලාත් හින්දු සංස්කෘතික අමාත්‍යය සෙන්දිල් තොණ්ඩමන් ,ජිවන් තොණ්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රෙස් ජෙෂ්ඨ නායකයින් රැසක් සහභාගි විය.
හැටන් රංජිත් රාජපක්ෂ