News

IOC ලං

ලංකා තෙල් මිල අඩුවෙද්දි – IOCත් මිල අඩු කරයි

ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට අදාළව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් රුපියල් 7කින්, සුපර් ඩීසල් රුපියල් 5කින් සහ ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් රුපියල් 5කින් අඩු කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් රුපියල් 5කින් අඩු කළා.

පහතින් දැක්වෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අදාළ නව ඉන්ධන මිල ගණන්

පෙට්‍රල් – ඔක්ටේන් 92 – රු. 140
පෙට්‍රල් – ඔක්ටේන් 95 – රු. 164
ඔටෝ ඩීසල් – රු. 111
සුපර් ඩීසල් – රු. 136

මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍යවරයා සහ නව ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව ඉන්ධන මිල පහත දැමුනු දෙවන අවස්ථාව මෙය වනවා.