News

ලංකාව ධර්ම ප්‍රචාරක මූලස්ථානයක් බවට පත් කරන්න කැපවෙනවා

හෙට දවසේ ද උතුම් ථේරවාද බුද දහම ලොවට බෙදා දෙන මූලස්ථානය බවට ශ්‍රි ලංකාව පත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

පේරාදෙණිය, ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව සද්ධර්මරාජා බුද්ධගයා ස්ථූපරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ ඉතිහාසය, සංස්කෘතිය සහ බෞද්ධ උරුමයන් පිළිබඳ අභිමානයෙන් සහ ගෞරවයෙන් කතා කළ හැකිව තිබෙන්නේ ථෙරවාදී බුදුදහම පිළිබඳ මූලස්ථානය බවට අතීතයේ අප රට පත්ව තිබු නිසා බවයි.

එම උතුම් දායදය සුරක්ෂිත කරමින් ලොව පුරා සියලු බෞද්ධ ජනතාව අතර බෙදා හැරීම අද දවසේ ද වගකීම බව ජනාධිපතිවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පොලොන්නරු යුගයේ දී සංහිදියාව පිළිබඳ ආදර්ශයක් ලබා දී ඇති බවයි.