News

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීමට තීරණයක් ගත යුතුයි – නවීන්

ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

අද (03) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර මේ වන විට ලංකාව තුළ මිලියනකට අධික ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් පවතින බවත් ඒ අනුව මිලියනයක පමණ ශ්‍රම බලකායක් ලංකාවට අහිමි වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.