News

ලංකාවට පැමිණි 1500ක් ස්වයංනිරෝධනයට

ඊයේ (18) දිනයේදී ගුවන් යානා 16 කින් පුද්ගලයින් 1500 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඔවුන් සියලු දෙනාට නිවසේ සිටම නිරෝධායන කටයුතු වල නියැලෙන ලෙස විශේෂ උපදෙස් ලබා දී ඊයේ සවසම ඔවුන්ගේ නිවෙස් සඳහා යොමු කළ බව කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කොවිඩ් – 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.