ලංකාවේ උපකාරික පංතිවලට තිත – අකිල
ලංකාවේ දෙමාපියන්ට ප්‍රශ්ණයක් වී ඇති උපකාරක පංති පිළිබඳව ඉදිරියේ දී යම් ක්‍රමවේදයක් ඇති කරනවා. විසදුමක් ඇතිකරන්නට බලාපොරොත්තු වෙනවා යැයි, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.
ඇමතිවරයා,එසේ කීවේ ඊයේ (25) දින ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමිණි.
මෙහි දී ඇමති වරයා අදහස් දක්වමින් කියා සිටියේ ”අපි කල්පනා කරනවා ශිෂ්‍යත්වය, සා/පෙළට, උසස් පෙළට විෂය නිර්දේශයෙන් ප්‍රශ්ණ සකස් කරන්න.විෂය නිර්දේශවලට අනුව විෂයට අනුව ප්‍රශ්ණ සකස් කරන්නත් ටියුෂන් වලට ඕන ආකාරයට ප්‍රශ්ණ සකස් නොකරන්නටත් අපි පියවර ගන්නවා. බලාපොරොත්තු වෙනවා.ශිෂ්‍යත්වයට මින් පස්සේ උපකාරක පංති ගිහිල්ලා වැඩක් නෑ. වසරින් වසර වෙනස් ආකාරයක් අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කරනවා.ටියුෂන් වලට ගෙවන්නට වන වියදම දෙමාපියන්ට දරාගන්නා බෑ. එක් ළමයෙකුට එක් විෂයකට ඒ සී කර ඇති කාමරවල උගන්නන්න රුපියල් 5000යි. විෂයන් තුනට කීයද රුපියල් 15 000යි මෙය දෙමාපියන්ට දරාගන්න බෑ. ඒ නිසා අපි අධ්‍යාපනයේ වෙනසක් ඇතිකරනවා. මෙයටද, විසදුමක් ලබාදෙනවා” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
සුනෙත් ගාල්ලගේ