News

ලංකාවේ රිය අනතුරු වැඩිම අප්‍රේල්

ලංකාවේ රිය අනතුරු වැඩිම අප්‍රේල්

ශ්‍රී ලංකාවේ වැඩිම රිය අනතුරු ප්‍රමාණායක් සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හැඳින් විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඉන් අප්‍රේල් 10වනදා සිට 20වනදා අතර කාලය මෙරට වැඩිම රිය අනතුරු සිදුවන කාලය බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

එම හේතුව නිසා මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි ආරක්ෂාවක් යොමු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පදිකයින්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.