ලංවිම ණය ගෙවන්න ඉල්ලයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් ඉන්ධනවලට මුදල් ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් රාජ්‍ය බැංකුවකින් රුපියල් බිලියන දහයක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම්කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාගත් ඉන්ධන සඳහා ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 84 ක් බවට ගණන් බලා තිබේ. මෙම මුදල නොගෙවන්නේ නම් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීමට නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය දිනවල සඳහන් කළේය.
ඒ අනුව ණය මුදලින් කොටසක් ගෙවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය රාජ්‍ය බැංකුවකින් රුපියල් බිලියන 10 ක ණය මුදල ඉල්ලුම් කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩලයට ලැබෙන ආදායමින් අදාළ ණය මුදලේ වාරික සහ පොලිය ගෙවීමට සැලසුම්කර ඇත.
උදයජීව ඒකනායක/සාලිය කුමාර ගුණසේකර
