ලතීෆ්ගෙන් හිස්වූ STF මුල් පුටුව වරුණට
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ ධුරයට නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර නිර්දේශ කර යැවීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න පියවර ගෙන ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත හා ජාතික පොලිස් කොමිසම වෙත මෙම නිර්දේශ යවා ඇත.
ජාතික පොලිස් කොමිසම වෙත ලද නිර්දේශ පිළිබඳ අනුමැතිය අද (05 වැනිදා) ලබාදෙන බව ජාතික පොලිස් කොමිසමේ ප්‍රධානියකු ‘අරුණ’ට පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ලෙසින් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානි ලෙසින් සුවිශේෂී මෙහෙවරක් කරමින් අපරාධ මර්දනයට තම කණ්ඩායම් මෙහෙයවූ නිලධාරියකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ප්‍රශංසාවට ලක්විය. නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් වන අතර පසුගිය සතියේ ඩුබායි පාතාලය විසින් මෙරටට එවූ හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් හා පිස්තෝල 10ක් කොටුකර ගත්තේ මොහුගේ නායකත්වය යටතේය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
