2019 වසරේ පළමු මාස හතර සදහා වන රාජ්‍ය වියදම වෙනුවෙන් රුපියල් බිලියන 1735ක් වෙන් කිරීමට අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවා.
