News

ලිට්‍රෝ නඩුවේ තීන්දුව අගෝස්තු 08

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව එළැඹෙන අගෝස්තු මස 08 දා ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සඳහන් කරයි.

අද (09දා) එම නඩුව කැඳවූ අවසථාවේදී මහාධිකරණය මේ බව සඳහන් කළ අතර ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්විය.