ලොව පුරා කොරෝනා මරණ 74,783ක් දක්වා ඉහළට
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 74,783 දක්වා ඉහළ ගොස් තිබේ.
වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර, එම සංඛ්‍යාව 16,523කි.
ඉතාලියට පසුව ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 13,341ක්, ඇමෙරිකාවෙන් පුද්ගල මරණ 10,943ක්, ප්‍රංශයෙන් පුද්ගල මරණ 8,911ක්, බ්‍රිතාන්‍යයෙන් පුද්ගල මරණ 5,373ක්, ඉරානයෙන් පුද්ගල මරණ 3,739ක් සහ චීනයෙන් පුද්ගල මරණ 3,331ක් වශයෙන් වාර්තා වෙයි.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 367,650කි.
ඊට අමතරව ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 136,675ක්, ඉතාලියෙන් ආසාදිතයින් 132,547ක්, ජර්මනියෙන් ආසාදිතයින් 103,375ක් සහ ප්‍රංශයෙන් ආසාදිතයින් 98,010ක් වශයෙන් වාර්තා වෙයි.
