News

ලොව පුරා කොවිඩ් ආසාදිතයෝ මිලියනය ඉක්මවා යයි

ලොව පුරා කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යමින් 1013157 ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්ත පෙන්වා දෙයි.

වෛරසය ආසාදනය වීමෙන් 52983වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිස 50000 ඉක්මවා යමින්ක් ලෙස එම දත්ත පෙන්වා දෙයි.

චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිර ගිය නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් සහ කලාප 204 ක පැතිර ගොස් ඇත.

මේ වන විට වැඩිම ආසාදිතයන් පිරිසක් ඇමරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 250000 ආසන්න වේ.

වෛරසයෙන්  පූර්ණ සුවය ලබා සිටින්නේ ආසාදිතයින් 212,018 දෙනකු පමණයි.