News

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් ලංකාවට

ලෝක බැංකුව විසින් Covid 19 වයිරසයට එරෙහිව හදිසි සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීමටත් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6 ක මුදලක් ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.

කොරෝනා වයිරසයෙන් බැටකන සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙන්ම දුප්පත් රටවලට සහාය දීමේ අරමුණින් ලෝක බැංකුව මූල්‍ය වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇති අතර එහි මුල් අදියර යටතේ දකුණු ආසියාවට මූල්‍ය සහන හිමි ව තිබේ

ඒ අනුව පාකිස්තානයට ඩොලර් මිලියන 200ක්, ඇෆ්ගනිස්තානයට ඩොලර් මිලියන 100ක් මාලදිවයිනට ඩොලර් මිලියන 7.3ක් සහ ඉන්දියාවට ඩොලර් බිලියනයක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි ව තිබේ.