News

ලෝකයේ කාලගුණ දේශගුණ විපත්වලින් දෙවන ස්ථානයේ සිටින්නේ ලංකාවයි – කථානායක

ලෝකයේ කාලගුණ දේශගුණ විපත්වලින් දෙවන ස්ථානයේ සිටින්නේ ලංකාවයි. මේ නිසා මෙය අවම කරන්නට අපි පියවර ගතයුතුව තියනවා.මෙය නතර කරන්නට සියලුම දේශපාලන නායකයින් එක්ව මුහුණු දිය යුතුව තියනවා.එයයි කළ යුතුව ඇත්තේ පරිසරය ආරක්ෂා කිරීම පරිසරයට සැලකීම වනාන්තර ආරක්සා කිරීම, අපේ පස් වැලි ආදිකොට ඇති සම්පත් ආරක්සා කිරීම ආදිය අපි සිදුකළ යුතුයි. පරිසරය සුරක්ෂිත කරන්නට අපි සියලුම දෙනා පියවර ගත යුතු යැයි කථානායක කරු ජයසුරිය මහතා කීය.

ඒ මහතා එසේ කීවේ, ගාල්ලේ ඉදි කිරිමට නියමිත, ආසන 2000කින් යුත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සම්මන්ත්‍රණ ශාලාව සඳහා මුල් ගල තැබිම ශ්‍රි ලංකා පාර්ලිමෙන්තුවේ ගරු කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 17 වැනි අද දින පෙරවරුවේ දී යෙදි තිබෙන සුබ මෙහොතින් සිදු කළහ.

මෙම අවස්ථාවට ඇමති වජිර අබේවර්ධන , ගාල්ල දිස්ත්‍රික් මැති ඇමතිවරු, පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශාන් විජයල් ද සිල්වා ඇතුලු විශාල පිරිසක් එක් වුහ.

මේ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය පසුගියදා හිමිවිය. ඒ සඳහා අවශ්‍ය මුලික සාකච්ඡා වන් සහ බිම් හදුනා ගැනිම මේ වන විට අවසන්ව ඇත. ගාල්ල නගරය තුළ එවැනි සම්මන්ත්‍රණ ශාලාවක අවශ්‍යතාවය දැනට දශක කිහිපයක් තිස්සේ පැවති අතර ආසන්න මාතර දිස්ත්‍රික්කය තුළඳ එවැනි සම්මන්ත්‍රණ ශාලාවක් නොමැති වීම ගැටළුවකි. මෙම තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යු සම්මන්ත්‍රණ ශාලාවක් ඉදි කිරීමට අවශ්‍ය මුලික කටයුතු මේ වන විට සකස් කොට අවසන්ය. මේ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 2,656.87 කි.

ගාල්ල අක්මීමණ බල ප්‍රදේශයේ ඉදි වන මෙම සම්මන්ත්‍රණ ශාලාව අධිවේගී පිවිසුමට යාබදව ඉදි කිරීමට නියමිතය. එබැවින් කොළඹ සහ මාතර සිට පැමිණෙන ඕනෑම අයෙකුට වඩාත් පහසුවෙන් එයට ලඟා වීමට හැකියාව පවතී. හෙක්ටයාර 2.7 ක ඉඩක් මේ සඳහා හඳුනාගෙන ඇති අතර මෙයට සමගාමීව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි වන කෞතුකාගාර ශාලාවක් , රංග ශාලාවක් දේශන ශාලාවකින්ද මෙය සමන්විත වෙයි.අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙය විම මත මෙහි මූලික අදියර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවති.

කතානායක කරු ජයසුරිය මහතා මෙසේද කීය.

ලංකාව හදන එක එතරම් ප්‍රශ්නයක් නොවේ.මේරට හදන්න උවමනා වන්නේ ජාතික එකගතාවයි.ජන්දයෙන් පසුව සියලුම දෙනා සියලුම පක්ෂ නායක්යන් එකට එක්ව රට ගැන හිතා එක්වන්නේ නම් රට දියුණු කරන්ට හැකියි. එයයි අද යුගයේ අවශ්‍යාතවය වන්නේ.යහපත් රටක් සමාජයක් ඇතිකර ගන්නට හැකි වන්නේ ඒ අනුවයි. එය ඉටුකරන්ට අපට හැකියාව ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.නිදහස ලැබි වසර 70යි අපි ට හැකිද සතුටු වන්ට පපුවට අත තබා කල්පනා කරන්න. රටේ ජාතික නායකයෝ බිහි උනා . සමස්ත රටෙන්ම වාගේ ගාල්ලෙන්ද එහෙම සිදු උනා බිහිවුනා.

අද ජාපානය දියුණයි. අද අප ඒ පැත්නේ බැලුවාම ගව් ගණනාවක් දුරින් ඉන්නේ අපි නිදහස ලබන විට ජපානයේ එක් පුද්ගලිකි ආදායම ඇමරිකා ඩෙලර් ($) 81 අපි ඇමරිකා ඩෙලර් ($) 80 අප පසුපසට ගියා ජපානය දියුණු උනා. ඇයි එහෙම උනේ කියාල හිතන්න.

අපිට ජාති ආගම් භේද ඇති වුනා අපි පස්සට ගියා. රට ඉදිරියට ගෙනියන්නම් සාමය සහාජිවනය එකමුතු කම සමස්ත රටෙන්ම ඇති කළ යුතුයි.පටුවු ආගම්වාදය ජාති වාදය අවුස්සලා රට අගාදයට යනවා. මෙය දැන්වත් නතර කර රටක් වශයෙන් ඉදිරියට යමු.මේ වාදි බව නිසා රට යමෙක් ගිනි තියන්නට යන්නේ නම් එය රටට අහිතකරයි.ප්‍රජාතන්ත්‍රවාදය අපි සුරකින බවට ලෝකයම තහවුරුකර තියනවා.අධිකරණය ස්වාධිනයි විදෙස්වලින් නඩුකාරයන් අපේ රටේ නඩු අහන්න උවමනාවක් නැ.මානව හා විවිධ කොමිසම් සභාද අපි ඇති කර තියනවා එහි කටයුතුද සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එහි ගරුත්වයත් අපි දිනාගෙන තියනවා.මේවා ජනතාව දන්නේ නෑ.

මෙයටට යම් පිරිසක් බාධා ඇතිකරන්නේ නම් රටක් වශයෙන් වැරදියි. මේ නිසා සත්‍ය යම් දිනයක ජය ගන්නවා.ලංකාවේ ප්‍රඡාතන්ත්‍රවාදය රටේ ඇතිකර තියනවා. එහි ප්‍රතිලාභ ජනතාවට අනාගත දරැවන්ට බුක්ති විදින්නට සලස්සාවා තියනවා. වෙනත් රටවල නැති මේ තත්ත්වය අපි මේ රටේ ජනතාවට ලබා දී තියනවා.

ලෝකයේ කාලගුණ දේශගුණ විපත්වලින් දෙවන ස්ථානයේ සිටින්නේ ලංකාවයි. මේ නිසා මෙය අවම කරන්නට අපි පියවර ගතයුතුව තියනවා.මෙය නතර කරන්නට සියලුම දේශපාලන නායකයින් එක්ව මුහුණු දිය යුතුව තියනවා.එයයි කළ යුතුව ඇත්තේ පරිසරය ආරක්ෂා කිරීම පරිසරයට සැලකීම ආදිය අපි සිදුකළ යුතුයි. පරිසරය සුරක්ෂිත කරන්නට අපි සියලුම දෙනා පියවර ගත යුතු යැයි කතානායක කරුජයසුරිය මහතා කීය.

වජිරඅබේවර්ධන, විජේපාල හෙට්ටිආරච්චි යන මැති ඇමතිවරුන්ද කතා කළහ.

සුනෙත් ගාල්ලගේ