News

වංචනිකව ගෙන්වූ තුන් කෝටි අසූ ලක්ෂයක උඳු තොගයක්

වංචනිකව ගෙන්වූ තුන් කෝටි අසූ ලක්ෂයක උඳු තොගයක්

රුපියල් තුන් කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා නීති විරෝධීව ගෙන්වූ උඳු තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස උඳු කිලෝ 55,000ක් ගෙන්වා තිබෙන අතර ඉන්දියාවේ සිට බහාලුම් 04කින් කොළඹ වරයට ගෙනවිත් තිබෙන බව සඳහන් ය.

කොළඹ, අංගොඩ ප්‍රදේශයේ පදිංචි ආනයනකරුවකු එම උඳු තොගය ගෙන්වා තිබෙන අතර එම ව්‍යාපාරිකයා මේවන විට අත්අඩංගුවට ගෙන ඇත.