News

වඩිවේල් සුරේෂ් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ වඩිවේල් සුරේෂ් අද එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

අද දිනයේ පාර්ලිමේන්තුව කැදවීමෙන් අනතුරුව ඇති උණුසුම්කාරී වාතාවරණයත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ වත්මන් ආණ්ඩුව සමග බහුතරය නොමැතිවීමත් සමග මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුම විපක්ෂයට එක්වීමට මෙලෙස තීරණය කර තිබෙනවා.

ඒ අනුව වඩිවේල් සුරේෂ්, වසන්ත සේනානායක යළි එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වුණා.

පාර්ලිමේන්තුව ආරම්භවීමත් සමග ආණ්ඩු පක්ෂයේ සිටි ඒ.එච්.එම් පවුසි, මනූෂ නානායක්කාර සහ පියසේන ගමගේ යන මන්තී‍්‍රවරු ද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවා.

ඉන් අනතුරුව මෙම සියලුම මන්ත‍්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පැවැත් වූ මාධ්‍ය හමුවට ද එක්ව තිබෙනවා.