වදක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා
වදක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට(02) සහ අනිද්දා(03) යන දිනයන්වල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තාවෙයි.
තෝරාගත් අයඳුම්කරුවන් 79 දෙනෙකු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන අතර එම අයඳුම්කරුවන් 79 දෙනා අතරින් වදක තනතුර සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.
මේ වන විට වදක තනතුර සඳහා අයඳුම්පත් 102ක් ලැබී ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් එම අයදුම්පත්‍ර සලකා බැලීමේන් අනතුරුව අයඳුම්පත් 79ක් තෝරාගෙන ඇත.