වන්නි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 208ක් නිවෙස් වෙත
ගුවන් හමුදාව යටතේ පවතින වන්නි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි 208 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද(31)දින සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.
අදාල පිරිස එම නිරෝධායන මධ්‍යස්ථානයේ පසුගිය 17 වනදා සිට රැදී සිට තිබේ.
වන්නි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවාසිටි අදාල පිරිස දින 14ක නිරෝධායන කාලසීමාව අවසන් කිරිමෙන් අනතුරුව මෙලෙස නිවෙස්වෙත පිටත් කෙරුණු බව ගුවන් හමුදා මූලස්ථානය පැවසුවේය.
