වයඹ පළාතට සහ ගම්පහට අද රාත්‍රී 7 සිට පොලිස් ඇඳිරිනීතිය
වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට බලපැවැත්වෙන ලෙස අද (15) රාත්‍රී 7.00 සිට හෙට (16) අළුයම 4.00 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
ඒ අනුව ගම්පහ පොලිස් කොට්ඨාශයේ ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් වසම්වලට එම කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.