News

වරෙන්තුවක් නොමැතිව ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න බෑ

මහේස්ත්‍රාත්වරයකු විසින් නිසි ක්‍රමවේදයකින් යුතුව නිකුත් කරන නියෝගයකින් තොරව වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අද(20) නියෝග කර තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනාධිකරණය සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරු ඉදිරියේ කැදවනු ලැබීය.