News

වවුනියාව උළුක්කුලම වැවේ තිබී බෝම්බ හා පතුරම් පාර්සලයක් සොයාගනියි

වවුනියාව,පාවක්කුලම වැව් බැම්ම ආසන්නයේ තිබි බෝම්බ හා පතුරම් සහිත පාර්සලයක් ඊයේ(11) සවස සොයාගත් බව වවුනියාව උළුක්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අදාළ පාර්සලය ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දැක අනතුරුව පොලිසිය දැනුවත් කොට ඇති බවයි.

සොයාගත් පාර්සලය තුළ තිබ් අත්බෝම්බ දෙකක් හා ටි56 පතුරම් මැගසින් දෙකක් පවතින බව මුලික පරීක්ෂා කිරීම්වලදි සොයාගෙන ඇති බව ‍පොලිසිය සඳහන් කළේය.

සොයාගත් බෝම්බ හා පතුරම් සම්බන්ධයෙන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත දැනුම්දී ඇති බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් උළුක්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.