වවුනියාව පෞද්ගලික බස් සේවකයෝ වර්ජනයක
වවුනියාව පෞද්ගලික බස් සේවකයන් අද (19වැනිදා) උදෑසන සිට බස් වර්ජනයක් ආරම්භ කර තිබේ. ලංගම බස් සේවකයන් හා ඇති වූ ගැටුමක් මෙම වාර්ජනයට හේතු වී ඇත.
යාපනය සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක සේවකයින් හා වවුනියාව සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සේවකයින් අතර සිදුවූ ගැටුමක් වර්ජනයට මුල් වි ඇති බව බස් සේවකයෝ පවසති.
වැඩ වර්ජනයට එක්වු පෞද්ගලික බස් රථ සේවකයින් පැවසූවේ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් සිය ධාවන වේලාවන් වෙනස් කොට ධාවනය කිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ කර්මාන්තය අනතුරට ලක්ව ඇති බවයි.
ඒකාබද්ධ කාලසටනක් ලබානොදීම ආදි ගැටලුවලට විසදුම් ඉල්ලා තමන් වැඩ වර්ජනය පවත්වන බවද පෞද්ගලික බස් සේවකයෝ පැවසූහ.