News

වවුනියාවේ ගෙවත්තකින් බිම් බෝම්බ 13ක් හමුවෙයි

වවුනියාව, කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ ගෙවත්ත තිබි බ්ම්බෝම්බ 13 ක් ඊයේ (10) සොයාගත් බව වවුනියාව මඩුකන්ද පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යුධ සමයේ අතහැර දැමු ඉඩමක බැකෝ යන්ත්‍රයක් යොදාගෙන පිරිසිදු කිරීමේදී අදාළ බෝම්බ තොගය හමුවි ඇති බවයි.

ඉඩම අයිතිකරු බ්ම්බෝම්බ දැක අනතුරුව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය ගොස් බෝම්බ සොයාගත් බවද පොලිසිය පැවසීය.

වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ බෝම්බ තොගය වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මඩුකන්ද‍ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය