News

වසා දැමුණු විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද සහ හෙට ඇර‌ඹෙයි

විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද සහ හෙට ඇර‌ඹෙයි

පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් වසා දැමූ විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද ආරම්භ වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, සම සෞඛ්‍ය සහ වෛද්‍ය පීඨ අද (21) ආරම්භ කෙරෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ පශු වෛද්‍ය පීඨයේ පළමු සහ අවසන් වසර සිසුන් සඳහා ද, ඉංජිනේරු පීඨයේ පළමු වසර සිසුන් සඳහා ද පරිගණක විද්‍යා පීඨයේ දෙවන වසර සිසුන් සඳහා ද අධ්‍යයන කටයුතු අද ආරම්භ කරන බවයි.

මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු අද ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේය.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතයි.

සෙසු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ද මෙම සතිය තුළ අරම්භ කිරීමට සැලසුම් කර තිබේ.