වහබ්වාදය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙක් ත්‍රස්ත විමර්ශන අත්අඩංගුවේ
ශ්‍රී ලංකාව තුළ වහබ්වාදය සහ ජිහාඩ් මතවාදය පැතිරවීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් දෙමටගොඩ දී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා’ ජමාතේ ඉස්ලාම් නැමති සංවිධානයේ හිටපු සභාපතිවරයා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මොහු මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන්ගේ සමීපතම ඥාතියෙක් වන බවද අනාවරණය කරගෙන තිබේ.