News

ව්‍යාජ කොවිඩ් එන්නත් තොගයක් සොයා ගනී

ව්‍යාජ ලෙස නිපදවන ලද කොරෝනා එන්නත් තොගයක් ජාත්‍යන්තර පොලිසිය විසින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම එන්නත් තොගය චීනය සහ දකුණු අප්‍රිකාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීසොයා ගෙන ඇති බව වාර්තා වේ.

එහි එන්නත් මාත්‍රා දහස් ගණනක් තිබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ජාවාරමට සම්බන්ධ 80දෙනෙකු චීනයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.