ව්‍යාජ ලේඛන සැකසු ස්ථානයක් මාට්ටු
හබරණ ප්‍රදේශයේ නවාතැන් පලක පවත්වාගෙන යනු ලැබූ ව්‍යාජ ලේඛන පිළියෙල කිරීමේ ස්ථානයක් වැටලීම හබරණ පොලීසිය විසින් ඊයේ (06) සිදුකර තිබේ.
සැකකරුවන් සතුව තිබී සකසන ලද ජාතික හැඳුනුම්පත්, වාහන අංක තහඩු, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික, වාහනවල එංජින් අංක සහ චැසි අංක නිර්මාණය කළහැකි උපකරණ, රජයේ ආයතනවල මුද්‍රා ඇතුළු තවත් විවිධ උපකරණ තොගයක් සොයාගෙන ඇත.
ඔවුන් භාවිත කළ අංක තහඩු රහිත මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කුරුණෑගල, දිවුලපිටිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනා ගෙන තිබේ.