News

වතුර

වාද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

අද පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක කාලයක් වාද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, උතුරු සහ දකුණු කළුතර, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම දර්ගානගරය සහ බෙන්තොට ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටු වනු ඇති අතර නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බල සැපයුම අත්හිටුවීම ජල සැපයුම කපා හැරීමට හේතු වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.