වාහනයක් තුළ පිළිස්සීගිය මළ සිරුරක්
කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ මළ සිරුරක් සොයාගෙන තිබේ. ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ එම මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.
එම මෝටර් රථයද සම්පුර්ණයෙන් පිළිස්සී ඇති අතර මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී ඇති බව වැඩිදුරටත් පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ කළුබෝවිල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව දැනට හඳුනාගෙන ඇත.
රාත්‍රියේ ආහාර ගැනීමට යම් ස්ථානයකට ගොස් ඇති අතර ඉන් පසුව මෙම සිදුවීම වී ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති බවට පොලීසිය සඳහන් කර තිබේ.