වැටුප් ගැටළුවක් හේතුවෙන් රජයේ විධායක නිලධාරීන් වර්ජනයකට සැරසෙයි
වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව දීපව්‍යාප්ත වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.
එළඹෙන 27 වන දින ක්‍රියාත්මක කරන මෙම වර්ජනය සඳහා වෘත්තිය සමිති විශාල ප්‍රමාණයක් එක්ව සිටින බව එම කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කියා සිටි අතර පසුගියදා නීති ක්ෂේත්රයට පමණක් වැටුප් වැඩිවීමක් සිදුවූ නමුත් අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ඊට සමාන්තරව වැටුප් වැඩිවීම සිදු නොවුණු බව ඔවුන් පෙන්වා දෙයි.