News

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන පත් කරයි

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුවකට සහභාගිවීම සඳහා චීනය බලා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේය.